රොෂාන් රණසිංහට එරෙහිව තිබූ පෙත්සමක් ඉල්ලා අස්කර ගැනේ

අධිකරණයට අපහාස කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

නීතිඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පියට්‍රංගේලි විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් 2023 නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තු සැසි වාරයක දී රොෂාන් රණසිංහගේ අසෝබන හැසිරීම අභියෝගයට ලක්කර තිබූ බවයි පැවසෙන්නේ.

නඩු විභාගය අතරතුර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා එම අයදුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලීමක් කළ අතර, එය වියදමකින් තොරව පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට හේතු වුණා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙත්සම්කරුට සහාය පළ කර තිබූ අතර, මහාචාර්ය ජී.එල්., පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙත්සමට විරුද්ධ වූ බවයි පැවසෙන්නේ.

පළමු වගඋත්තරකාර රොෂාන් රණසිංහ සහ මැදිහත් වූ පෙත්සම්කරුවන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු අධිකරණ බලය නොමැතිකම සහ යුක්තිසහගත නොවීම යන කරුණු මත පෙත්සම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කර තිබුණා.

මෙම තත්ත්වය හමුවේ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ දී, පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගත්තා.

පෙත්සම්කරු වෙනුවෙන් සුසී බෙලිං සමඟ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනී සිටියා.

ජනාධිපති නීතිඥ උදිත එගලහේවා සමඟ ජනාධිපති නීතිඥ කනග්-ඊස්වරන් සහ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ෂෙනාල් ප්‍රනාන්දු පෙනී සිටි අතර, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු වෙනුවෙන් එන්.කේ. අශෝක්භාරන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27