රේගුව මුලා කරමින් වාහනයක් ගෙන්වීමේ තැත දැරූ ව්‍යාපාරිකයෙකුට ඇප – විදෙස් ගමනුත් තහනම්

රේගුව මුලාකරමින් වංචා සහගතව මෙරටට ආනයනය කරන ලද ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සඳහා ලියාපදිංචි පැවරුමක් ලබා ගැනීමට හම්බන්තොට මෝටර් රට දෙපාර්තමේන්තු කාර්යාලයේ කොමසාරිස්වරයෙකුට අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර ව්‍යාපාරිකයෙකු රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (13) නියෝග කළා.

සැකකාර පුද්ගලයාට රුපියල් 25,000ක මුදල් ඇපයක් ද නියම කෙරුණු අතර ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කිරීමට නියම කෙරුණා.

කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන මොහාන් ධම්මික ලියනගේ නමැති පුද්ගලයකු එසේ ඇප මත මුදා හැරීමට නියම වූ බවයි වාර්තා වූයේ.

සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර පුද්ගලයා වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් එම කොටස් තුළ සඟවා සුඛෝපභෝගී මෝටර් රථ ගෙන්වා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

එසේ ජපානයෙන් ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සඳහා ලොරි රථයක අංකයක් ඇතුළත් ලියාපදිංචි කරගෙන ඇති බව ද ඉහත සඳහන් කොමසාරිස්වරයා මගින් එම දෙපාර්තමේන්තු කාර්යාලයේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් සැකකාර පුද්ගලයා මෙම වංචාව කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූවා.

මෙම සැකකාර පුද්ගලයාගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී මියගොස් ඇති බවත් එසේ මියගිය පියාගේ නමට එම සුඛෝපභෝගී මෝටර් රථය ඉහත සඳහන් කළ කොමසාරිස්වරයා හරහා ලියාපදිංචි කරගෙන පසුව එය ඔහුගේ නමට ලියාපදිංචි කරගෙන එම වංචාවක් කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

කූඨ ලේඛන සකස් කර ඉදිරිපත් කිරීම, රේගුව මුලාකරමින් මෝටර් රථ ආනයනය කිරීම, හා එසේ ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් වෙනුවෙන් ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමට තැත් කිරීම, ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් චෝදනා ගොනුකර තිබුණා.

එම සුඛෝපභෝගී මෝටර් රථය ලියාපදිංචි කිරීම සඳහා හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කළ බව කියන එම දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වන සජිත් වසන්ත වෙල්ගම නමැති අයෙකු අල්ලස් කොමිසම මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමටයි නියම කෙරුණේ.

සැකකාර පුද්ගලයා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22