රේගුවේ වංචාවකට ලොකු ලොක්කෝ 04ගේ වැඩ තහනම් (වීඩියෝ)

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛන සකස් කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනා එල්ල වී සිටින ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති නිලධාරින් අතර රේගු දෙපාර්තමේන්තුවේ‍ නියෝජ්‍ය රේගු
අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු සිටිනවා.

මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සදහන් කළා.

මෙම නීති විරෝධි සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බහලුම අදාළ විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා පසුගිය 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර අතර එම බහලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.

එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේ දී රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවීමට ද කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන තෙක් අදාළ දඩ මුදල් ද ගෙවා නොමැති බව මේ වන විට ආනවරණ වී තිබෙනවා.

රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාළ ලිපි ගොනුවේ සත්‍ය ලේඛන පරීක්‍ෂා කිරීමේ දී ව්‍යාජ ලේඛන හඳුනා ගැනීමට හැකි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04