රේගුවේ වංචාවකට ලොකු ලොක්කෝ 04ගේ වැඩ තහනම් (වීඩියෝ)

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛන සකස් කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනා එල්ල වී සිටින ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති නිලධාරින් අතර රේගු දෙපාර්තමේන්තුවේ‍ නියෝජ්‍ය රේගු
අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු සිටිනවා.

මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සදහන් කළා.

මෙම නීති විරෝධි සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බහලුම අදාළ විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා පසුගිය 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර අතර එම බහලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.

එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේ දී රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවීමට ද කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන තෙක් අදාළ දඩ මුදල් ද ගෙවා නොමැති බව මේ වන විට ආනවරණ වී තිබෙනවා.

රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාළ ලිපි ගොනුවේ සත්‍ය ලේඛන පරීක්‍ෂා කිරීමේ දී ව්‍යාජ ලේඛන හඳුනා ගැනීමට හැකි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36