Empty Ad
Empty Ad
AFC Banner

රූබික් කැටවලින් ජනපති රුව නිමවා ලෝක වාර්තා තැබූ 11 වියැති දක්ෂයා (වීඩියෝ)

රූබික් කැට අනුසාරයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කර ලෝක වාර්තාවක් තැබීමට 11 හැවිරිදි වියෙහි පසුවන සිසුවෙකු සමත් වුණා.

මෙම ශිෂ්‍යයා කොළඹ රාජකීය විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.ඩි සස්නුල සෙහන්ස ලක්මාල් නමැති දරුවෙකු බවයි වාර්තා වන්නේ.

රූබික් කැට ආශ්‍රයෙන් සිදු කෙරෙන නිර්මාණාත්මක තරගාවලිය නිට්ටඹුව – යක්කල රණවිරු ඇපරල් ආයතනයේ දී පැවැත්වුණා.

රූබි කැට 1200ක් උපයෝගී කරගනිමින් අඟල් 91ක් උස අඟල් 68ක් පළල ජනාධිපතිවරයාගේ පැය 3කුත් විනාඩි 13‍යි තප්පර 11ක් තුළ මෙම දරුවා නිර්මාණය කර අවසන් කළා.

මෙය නව ලෝක වාර්තාවක් බව choland book of world record සංවිධානය නිවේදනය කර තිබීම ද විශේෂත්වයක්

මෙම නිර්මාණය අධීක්ෂණය සඳහා step ආයතනයේ නිර්මාතෘ ප්‍රැන්සිස් ජේසු නාදන්, choland book of world record ආයතනයේ උපසභාපති නාග වාභිරාජා, මහලේකම් කැප්ටන් ඉන්ද්‍රනාත් පෙරේරා, people help in people Foundation සංවිධානයේ අධ්‍යක්ෂ කැලරන්ස් යන මහත්වරු පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?