රූපවාහිනී සභාපති ඉල්ලා අස්වෙයි

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් කළා.

ඔහු සභාපතිවරයා ලෙස පසුගිය සැප්තැම්බර් මස 25 වනදා එවක ජනමාධ්‍යය අමාත්‍ය විජිත හේරත් අතින් පත්වී ලිපිය ලබාගත්තා.

ඒ, අනුව ඔහු එම ධුරයේ මාස තුනක පමණ කාලයක් කටයුතු කිරීමෙන් පසු අද මෙලෙස ඉල්ලා අස් වී තිබෙනවා.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
7
+1
107
+1
15
+1
47
+1
4
+1
20
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?