AFC Banner
AFC Banner
Empty Ad

රූපවාහිනී නිවේදකයා සහ ඔහුගේ පෙම්වතාගේ ඝාතනයට පොලිස් නිලධාරියෙකුට චෝදනා

අතුරුදන් වූ ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදකයෙක් වන ජෙසී බෙයාර්ඩ් සහ ඔහුගේ පෙම්වතා වූ ලූක් ඩේවිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 28 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

සිඩ්නි නගරය ආසන්නයේ බඳුනක තිබී රුධිරය තැවරුණු මෙම දෙදෙනාගේ භාණ්ඩ සොයා ගැනීමෙන් පසුවයි රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.

බෙයාර්ඩ්ගේ හිටපු පෙම්වතා වූ සැකකාර පොලිස් නිලධාරියා ඊයේ ආරක්ෂක අංශ වෙත භාරවී තිබෙනවා.

ඔහුට රාජකාරි කටයුතු සඳහා ලබා දී තිබූ ගිනි අවියෙන් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ.

රහස් පරීක්ෂකයින් පවසන්නේ මියගිය දෙදෙනාගේ සිරුරු තවමත් සොයා ගැනීමට හෝ ඔවුන්ගේ මරණයට නිශ්චිත හේතුව තහවුරු කර නොමැති බවයි.

සිඩ්නි නගරාසන්නයේ පැඩිංටන් හි පිහිටි ජෙසී බෙයාර්ඩ්ගේ නිවස තුළදී ඔවුන් ඝතයන කර සුදු වෑන් රථයකින් ගෙන ගොස් ඇති බවට CCTV දර්ශනවලට අනුව හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.

සැකකාර පොලිස් නිලධාරියාගේ ගිනි අවියට ගැලපෙන උණ්ඩයක් ද පැඩිංටන් හි අපරාධ ස්ථානයෙන් සොයාගෙන ඇති අතර, එම අවිය පොලිස් ස්ථානයේ සේප්පුවක සඟවා තිබිය දී සොයා ගැනුණා.

මියගිය බෙයාර්ඩ් පසුගිය දෙසැම්බර් මාසය දක්වා නෙට්වර්ක් ටෙන් හි උදෑසන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර පෙම්වතා වූ ඩේවිස් ක්වාන්ටාස් හි ගුවන් සේවකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

සැකකාර පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමන් පසු ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?