රූපවාහිනී නිවේදකයා සහ ඔහුගේ පෙම්වතාගේ ඝාතනයට පොලිස් නිලධාරියෙකුට චෝදනා

අතුරුදන් වූ ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදකයෙක් වන ජෙසී බෙයාර්ඩ් සහ ඔහුගේ පෙම්වතා වූ ලූක් ඩේවිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 28 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

සිඩ්නි නගරය ආසන්නයේ බඳුනක තිබී රුධිරය තැවරුණු මෙම දෙදෙනාගේ භාණ්ඩ සොයා ගැනීමෙන් පසුවයි රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.

බෙයාර්ඩ්ගේ හිටපු පෙම්වතා වූ සැකකාර පොලිස් නිලධාරියා ඊයේ ආරක්ෂක අංශ වෙත භාරවී තිබෙනවා.

ඔහුට රාජකාරි කටයුතු සඳහා ලබා දී තිබූ ගිනි අවියෙන් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ.

රහස් පරීක්ෂකයින් පවසන්නේ මියගිය දෙදෙනාගේ සිරුරු තවමත් සොයා ගැනීමට හෝ ඔවුන්ගේ මරණයට නිශ්චිත හේතුව තහවුරු කර නොමැති බවයි.

සිඩ්නි නගරාසන්නයේ පැඩිංටන් හි පිහිටි ජෙසී බෙයාර්ඩ්ගේ නිවස තුළදී ඔවුන් ඝතයන කර සුදු වෑන් රථයකින් ගෙන ගොස් ඇති බවට CCTV දර්ශනවලට අනුව හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.

සැකකාර පොලිස් නිලධාරියාගේ ගිනි අවියට ගැලපෙන උණ්ඩයක් ද පැඩිංටන් හි අපරාධ ස්ථානයෙන් සොයාගෙන ඇති අතර, එම අවිය පොලිස් ස්ථානයේ සේප්පුවක සඟවා තිබිය දී සොයා ගැනුණා.

මියගිය බෙයාර්ඩ් පසුගිය දෙසැම්බර් මාසය දක්වා නෙට්වර්ක් ටෙන් හි උදෑසන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර පෙම්වතා වූ ඩේවිස් ක්වාන්ටාස් හි ගුවන් සේවකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

සැකකාර පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමන් පසු ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34