රුසියා- යුක්‍රේන දෙවන වටයේ සාකච්ඡා

රුසියාව සහ යුක්‍රේනය අතර දෙවන වටයේ සාම සාකච්ඡා අද බෙලරුස්- පෝලන්ත දේශ සීමාවේ පිහිටි බෙලවුෂ්කයා පුෂ්චා හිදී පැවැත්වීමට නියමිතය.

රුසියානු පාර්ශ්වයේ නියෝජිතයන් මේ වන විට බෙලරුස් වෙත පැමිණ ඇති අතර යුක්‍රේන නියෝජිතයන් අද (03) පෙරවරුවේ එහි පැමිණීමට නියමිතව තිබේ.

දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් එම ස්ථානය සාකච්ඡා සඳහා තෝරාගෙන ඇති අතර යුක්‍රේන නියෝජිතයන්ට ආරක්ෂිතව එහි පැමිණීම සඳහා ආරක්ෂිත කොරිඩෝවක් නිර්මාණය කර දීමට රුසියානු හමුදා පියවර ගෙන ඇති බව සඳහන් ය.

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ගැන අද හමුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.

කෙසේ වෙතත් දෙරට අතර තවදුරටත් දරුණු ගැටුම් ක්‍රියාත්මක වේ.

කාර්කිව් සහ කියුව් නගර වෙත රුසියානු හමුදා ප්‍රහාර එල්ල කරන අයුරු සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියානු හමුදා, යුක්‍රේනයේ ඉර්පින් නගරය වෙතද ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රහාරවලින් ගොඩනැගිලි ඇතුළු දේපළ විනාශ වී තිබූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?