රුසියාව වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික සෙබළෙකු මිය යයි

යුක්‍රේන – රුසියා යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික සෙබළකූ මිය ගොස් ඇති බව විදෙස් වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාද්‍ය වාර්තා කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව හැර ගොස් රුසියානු හමුදා සමග එක්වූ වසර දහයක හමුදා පල පුරුද්දක් ලැබූ නිපුණ සිල්වා බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ආසන්න සගයා වූ සේනක බණ්ඩාරනම් පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් අල් ජසීරා පුවත් සේවයට කරුණු දක්වා ඇති ඇති අතර රුසියානු ආරක්ෂක බංකරයක් මුර කරමින් සිටියදී යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් මෙම මරණය සිදුවූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙක් මේ වන විට යුක්‍රේන – රුසියා යුද්ධය හේතුවෙන් මියගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සෙබළුන් දරිද්‍රතාව නිසා මුදල් සොයා ගැනීමට රුසියා – යුක්රේන යුද්ධයට සහභාගි වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ.

ඔවුන්ට මසකට ඩොලර් 3000කට ආසන වැටුප් ලැබෙන බවත් එම සෙබළුන් රුසියාවේ පුරවැසිකම් ලබා එහි රැඳෙනු ඇති බවත් එම පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
6
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?