රුසියාවේ දුර්වලතාව ලොවට හෙළිවී ඇතැයි යුක්රේන ජනපති කියයි

වැග්නර් කුලී හේවා කණ්ඩායමේ සාමාජිකයින් විසින් ආරම්භ කරන ලද සන්නද්ධ කැරැල්ල, රුසියාවේ දේශපාලන අස්ථාවරත්වය පිළිබඳ සාක්ෂියක් බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසනවා.

ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියාවේ දුර්වලතාවය මෙමගින් පැහැදිලි වන බවයි.

රුසියාව තම හමුදාවන් සහ කුලී හේවායන් තම භූමියේ තව දුරටත් තබා ගන්නා තරමට මෙම ගැටළු වැඩි වනු ඇති බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

රුසියාවේ ක්‍රියාකාරකම්වලින් යුරෝපය ආරක්ෂා කිරීමට යුක්රේනයට හැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

වැග්නර් සන්නද්ධ කණ්ඩායමේ මෙම ක්‍රියාව රුසියානු ජනාධිපතිවරයාගේ දීර්ඝ පාලනයට මෙතෙක් එල්ල වූ බරපතලම අභියෝගය වන අතර, 1999 වසරේ අගභාගයේදී ධුරයට පත්වීමෙන් පසු රුසියාවේ ඇති බරපතලම ආරක්ෂක අර්බුදය මෙය ලෙසටයි සැලකෙන්නේ.

යුක්රේන ජනපති සෙලෙන්ස්කි පෙන්වා දෙන්නේ සිය දහස් ගණනක් යුද්ධයට ඇද දැමූ පුටින්ට අවසානයේ ඔහු විසින්ම සන්නද්ධ කළ අයගෙන් මොස්කව් කලාපයට බලපෑම් එල්ලවන ආකාරය බලා සිටීමට සිදුවී ඇති බවටයි.

දිගු කලක් තිස්සේ රුසියාව තම දුර්වලකම සහ තම මෝඩකම වසං කිරීමට ප්‍රචාරණය භාවිතා කළ බවට ද ඔහු තම ප්‍රකාශය ඔස්සේ සඳහන් කළා.

රුසියාවේ දුර්වලතාවය ලොවට හෙළිදරව් වී ඇති අතර රුසියාවට තවදුරටත් ඔවුන්ගේ මෝඩකම සැඟවිය නොහැකි බව ද ඔහු පවසා තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ කුලී හමුදා කණ්ඩායම වන වැග්නර් සන්නද්ධ කණ්ඩායම රුසියාවට එරෙහිව සටනක් ආරම්භ කළ අතර වැග්නර් ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් පවසන්නේ සිය හමුදාවේ 25,000ක පමණ බලඇණියක් මේවනවිටත් රුසියානු දේශසීමාවට ඇතුළු වී ඇති බවයි.

ඒ අනුව වැග්නර් හමුදා කණ්ඩායම් රුසියාවේ රොස්ටොව් නගරය වෙත ඇතුළු වී ඇති අයුරු දැක්වෙන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වැග්නර් හමුදාව රොස්ටොව්හි මුර සංචාරයේ යෙදෙන ආකාරය දැක්වෙන ඡායාරූප ද එහි ඇතුළත්.

ඊට අමතරව රොස්ටොව්හි පිහිටි හමුදා මූලස්ථානයද වැග්නර් හමුදාව විසින් අල්ලා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වැග්නර් හමුදාව එහි දොරටු අභියස ආයුධ අතැතිව සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට අමතරව රොස්ටොව්හිදී වැග්නර් හමුදාව විසින් රුසියානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා 03 කට ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාර හමුවේ එම හෙලිකොප්ටර් යානා සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි සඳහන්.

සිය හමුදාව රුසියානු හෙලිකොප්ටර් යානා 03 ක් විනාශ කල බව වැග්නර් ප්‍රධානියා ප්‍රකාශ කර ඇති අතර සිය හෙලිකොප්ටර් යානා විනාශ වූ බව රුසියානු හමුදාව ද තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පවතින තත්ත්වය හමුවේ රුසියාවේ මොස්කව් අගනුවර ආරක්ෂාව දැඩි කර ඇති අතර අගනගරය වසා දමා තිබෙනවා.

වැග්නර් හමුදාව මේවනවිට රොස්ටොව් සිට මොස්කව් අගනුවර දෙසට පැමිණෙමින් සිටින බව ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොස්ටොව් සහ මොස්කව් අතර ප්‍රදේශයක ඉන්ධන ගබඩාවක් ගිනි ගන්නා ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර සිය රට මහා පාවාදීමකට ලක්ව ඇති බවයි රුසියානු ජනතාව අමතමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ. වැග්නර් හමුදාවේ ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් ”‍පසුපසින් පැමිණ පිහියෙන් ඇන ඇතැයි”‍ ද රුසියානු ජනාධිපතිවරයා එහිදී චෝදනා කළා. ඔහු රාජ්‍ය විරෝධියෙකු බවත් යටත් නොවුනහොත් අත්අඩංගුවට ගන්නා බවත් ජනාධිපති පුටින් ප්‍රකාශ කළා.

මේ අතර රුසියානු ජනාධිපතිවරයාට අයත් නිල ගුවන් යානයක් මොස්කව් ගුවන් තොටුපලින් පිටව ගොස් ඇතැයි ඇතැම් නිල නොවන වාර්තා පවසනවා.

එහෙත් රුසියානු ජනාධිපති කාර්යාලය වන ක්‍රෙම්ලිනය පවසන්නේ පුටින් තවදුරටත් මොස්කව් නුවර රැඳී සිටින බවයි.

කෙසේවෙතත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේවනවිටත් රුසියාවෙන් පිටව ගොස් ඇතැයි ද ඇතැම් වාර්තා සඳහන් කළා.

රුසියාවේ කුලී හමුදා ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් යනු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම සගයෙක්. යුක්රේන හමුදාවට එරෙහි යුද්ධයේදී මුල් පෙළ සටන්කරුවන් ලෙස ක්‍රියා කළේ මෙම වැග්නර් කුලී හමුදාවයි.

පුටින්ගේ අණසක අනුව ඔවුන් යුක්රේන හමුදාවට දැඩි ප්‍රහාර එල්ල කළා.

කෙසේවෙතත් මෙම වැග්නර් නායකයා පුටින්ට එරෙහිව නැගී සිටීමට හේතුවූයේ වැග්නර් කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් මතභේදාත්මක තත්ත්වයක්.

සිකුරාදා රාත්‍රියේ රුසියාවේ ආරක්ෂාව තර කරන ඇති අතර අන්තර්ජාල සබඳතා ද සීමා කර තිබෙනවා.

රුසියාව වෙනුවෙන් යුක්රේනයේ සටන් කරන වැග්නර් හමුදා චෝදනා කරන්නේ තම හමුදාවන්ට මාරාන්තික ප්‍රහාරයක් රුසියාව විසින් දියත් කළ බවයි.

කෙසේවෙතත් මොස්කව් පාලනය එය ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර රුසියාවේ හමුදා නායකත්වය පෙරළා දමන බවට වැග්නර් කුලී හේවා කණ්ඩායම දිවුරුම් දීමෙන් පසු ප්‍රථම වතාවට ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශයක් කර තිබෙනවා.

මෙම හමුදා ක්‍රියාව පාවාදීමක් ලෙසටයි ඔහු හඳුන්වා දී ඇත්තේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසන්නේ වැග්නර් කණ්ඩායම විසින් ආරම්භ කළ සන්නද්ධ කැරැල්ල රාජද්‍රෝහී ක්‍රියාවක් වන අතර ඔවුන්ට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47