රුසියාවේ උසස් අධ්‍යාපනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබාදෙන බව පවසා සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාවේ සිසුන් රැගෙන ගොස්, ඔවුන්ගේ මුදල් වංචානික ව ලබාගත් පුද්ගලයෙකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ දී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

32 හැවිරිදි සැකකරු වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු කටාන ප්‍රදේශයේ සිසුවෙකු ව රුසියාවේ උසස් අධ්‍යාපනය සදහා යවන බව පවසා රුපියල් විසි එක් ලක්ෂ අනූ පන් දහසක මුදලක් වංචා කිරීම පිළිබඳ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සිදු කර තිබූ පැමිණිල්ලකට අදාළ ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගෙන තිබූ ගුවන් ගමන් තහනමක් උපයෝගී කර ගනිමින් මොහු රුසියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී‍යි කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිල්ලට අමතර ව මොහුට එරෙහි ව මාතර මූලස්ථානය පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි 17ක් , කුලියාපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි 02 ක් ද , කුරුණෑගල පොලිසියට පැමිණිලි 03 ක් ද ,නාරාහේන්පිට පොලිසියට ලැබී තිබූ එක් පැමිණිල්ල ක් ද මතයි දීර්ඝ විමර්ශනයක් සිදු කර සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා මෙසේ රුසියාවට රැගෙන ගිය සිසුවෙකුට පිහියකින් ඇන තුවාල සිදු කිරීම පිළිබඳ එරට පොලිසිය ද මොහුට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමත් සමග, එයින් බේරීම සඳහා අදාළ සැකකරු ඊයේ මෙරටට පලා ඒමේදි අත් අඩංගුවට පත් ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව විශේෂ අපරාධ විමර්ශන විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?