AFC Banner
AFC Banner
Empty Ad

රුසියානු සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් එක් කිරීම ගැන විරෝධයක්

යුරෝපා සංගමය රුසියාව වෙත පනවන 15 වැනි සම්බාධක සැලැස්ම පසුගිය 16 වනදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී චීන සමාගම් හා පුද්ගලයන් ද එම “සම්පූර්ණ සම්බාධක”ලැයිස්තුවට එක් කිරීමට මුල් වරට පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශය පවසන්නේ, චීනයේ විරෝධය හා සංවාද නොතකා රුසියාව වෙත 15 වැනි සම්බාධක පැනවීම තුළින් ඇතැම් චීන සමාගම් හා පුද්ගලයන් ද එම ලැයිස්තුවට එක් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බවයි.

ඊට චීනය දැඩි ලෙස විරුද්ධත්වය පළකර සිටින බව අවධාරණය කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර නීති පදනම හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහතික රහිත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම කෙරෙහි චීනය මුල සිට ම විරෝධය පළ කළ බවයි.

එමෙන්ම චීන යුරෝපා විස්තීර්ණ උපායමාර්ගික සබඳතාව රැකගැනීම, ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය තහවුරු කිරීම මත, වහාම චීන සමාගම්වල නීත්‍යනුකූල ප්‍රතිලාභවලට හානි සිදුකිරීම නතර කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කර ඇති බවයි චීන මාධ්‍ය සමූහය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?