රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත භාර දී තිබෙනවා.
ඔහුගේ ප්‍රකාශිකාව වන කිරා යාර්මිෂ් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ විපක්ෂ නායකවරයාගේ දේහය භාර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි සැමට ස්තූතිවන්ත වන බවයි.
නවාල්නිගේ මව ලියුඩ්මිලාට රහසිගත භූමදානයකට එකඟ වන ලෙස රුසියානු බලධාරීන් දන්වා ඇති අතර, ඇය එය ප්‍රතික්ෂේප කළහොත් ඔහු මියගිය බන්ධනාගාර ජනපදයේ ම මිහිදන් කරන බවටයි රුසියානු බලධාරීන් පවසා ඇත්තේ.
ඇලෙක්සි නවාල්නි ස්වභාවික හේතූන් මත මිය ගිය බවට මරණ සහතිකයේ අත්සන් කිරීමෙන් පසුව දේහය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය මෙතෙක් සැලසුම් කර නොමැති අතර, එය පවුලේ අයට අවශ්‍ය ආකාරයට සහ ඇලෙක්සිට ලැබිය යුතු ආකාරයට සිදුකිරීමට හැකියාවක් ලැබේ ද යන්න ප්‍රශ්නාර්ථයක්.
රුසියානු විපක්ෂ නායකවරයා පසුගිය 16 වනදා රුසියානු බන්ධනාගාරයක දී මිය ගිය අතර. ඔහුගේ මරණයට නිශ්චිත හේතුව පිළිබඳව ඇත්තේ අභ්රහසක් මෙන්ම සැකයක්.
මේ අතර ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට සහ ඔහුගේ රජයට චෝදනාකර සිටිනවා.




