රුසියානු විපක්ෂ නායකගේ දේහය මව වෙත භාරදෙයි

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත භාර දී තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශිකාව වන කිරා යාර්මිෂ් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ විපක්ෂ නායකවරයාගේ දේහය භාර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි සැමට ස්තූතිවන්ත වන බවයි.

නවාල්නිගේ මව ලියුඩ්මිලාට රහසිගත භූමදානයකට එකඟ වන ලෙස රුසියානු බලධාරීන් දන්වා ඇති අතර, ඇය එය ප්‍රතික්ෂේප කළහොත් ඔහු මියගිය බන්ධනාගාර ජනපදයේ ම මිහිදන් කරන බවටයි රුසියානු බලධාරීන් පවසා ඇත්තේ.

ඇලෙක්සි නවාල්නි ස්වභාවික හේතූන් මත මිය ගිය බවට මරණ සහතිකයේ අත්සන් කිරීමෙන් පසුව දේහය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය මෙතෙක් සැලසුම් කර නොමැති අතර, එය පවුලේ අයට අවශ්‍ය ආකාරයට සහ ඇලෙක්සිට ලැබිය යුතු ආකාරයට සිදුකිරීමට හැකියාවක් ලැබේ ද යන්න ප්‍රශ්නාර්ථයක්.

රුසියානු විපක්ෂ නායකවරයා පසුගිය 16 වනදා රුසියානු බන්ධනාගාරයක දී මිය ගිය අතර. ඔහුගේ මරණයට නිශ්චිත හේතුව පිළිබඳව ඇත්තේ අභ්රහසක් මෙන්ම සැකයක්.

මේ අතර ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට සහ ඔහුගේ රජයට චෝදනාකර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි යන්නම් තමිල්නාඩුවට - අර්චුනා යකා නටයි
04:13
Video thumbnail
විජේ තමයි අපේ අවසන් බලාපොරෝත්තු
00:48
Video thumbnail
කන්ටේනර් 323 හැකර් කෙනෙක් අරන් ගිහින්..පික්පොකට් න්‍යාය දියුණු වෙලා..හැකර් න්‍යාය ඇවිත්
03:28
Video thumbnail
කච්චතිව් දූපත ගැන නාමල්ගෙන් සැර කතාවක්..ප්‍රාන්තයක මහ ඇමති කෙනෙක්ට තීන්දු ගන්න බෑ
01:57
Video thumbnail
ඇමතිට කොන්දක් නැද්ද.. හේෂා කට උත්තර නැතිවෙන්නම දෙයි
06:57
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
අනුර සහ තලපති විජේ දෙන්නාම එකයි, ඒත්..
00:56
Video thumbnail
රෝහණ බැද්දගේ බලන්න නිවසට ගිය නාමල් රාජපක්ෂ..නාමල්ගේ අත් දෙක අල්ලලා පිළිගත්ත හැටි
02:12
Video thumbnail
ඔයාලගේ ආණ්ඩුව තමයි ඒ කාලේ ගිනි තිබ්බේ
01:28
Video thumbnail
මගේ බල නහර ක#න්න එන්න එපා - මුජිබුර්ට රතු කට්ට පනී
01:48