රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන් සොයාගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ චීන – රුසියා දේශසීමාව අසල දී මෙම යානයේ සුන්බුන් සොයාගත් බවයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සයිබීරියාව පදනම් කරගත් Angara ගුවන් සේවයට අයත් යානයක්.
යානය අනතුරට ලක්වූ අවස්ථාවේ දී ළමුන් 05 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 06 දෙනෙකු ඇතුළුව49 දෙනෙකු යානයේ ගමන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
යානයේ ගමනාන්තයට කිලෝ මීටර් 15ක පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක දී යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.
මෙම ගුවන් අනතුරින් දිවි බේරාගත් කිසිවකු හෝ පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.
ඇන්ටනොව්-24 ගුවන් යානය බ්ලැගොවෙෂ්චෙන්ස්ක් නගරයේ සිට චීනයට මායිම්ව පිහිටි අමූර් කලාපයේ ටින්ඩා නගරයට ගමන් කරමින් සිටියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වූ බව කලාපීය ආණ්ඩුකාර වාසිලි ඔර්ලොව් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.




