රුසියානු ගුවන් සේවයේ සහාය නියමුවෙක් කටුනායක දී ජීවිතක්ෂයට

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවෙකු ඊයේ (15) රාත්‍රීයේ ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කටුනායක පොලිසිය පවසනවා.

63 හැවිරිදි Dovgaienko Valerii නැමැති මෙම සහාය ගුවන් නියමුවා ඊයේ (15) රාත්‍රී 10.00ට පමණ

ඔවුන් නැවතී සිටි කටුනායක – පීල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි “ටැමරින් ට්‍රී ” නැමැති හෝටලයේ කාණුවකට ඇද වැටි මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ගුවන් නියමුවාව මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහි දී වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.

මෙම මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් විය හැකි බවට සැක කරන අතර, මියගිය සහාය නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) දින මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.

මෙම සහාය ගුවන් නියමුවා රාජකාරී කළ ගුවන් යානය අද (16) දහවල් 12.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමය නියමිතව තිබුණා.

කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50