රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවෙකු ඊයේ (15) රාත්‍රීයේ ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කටුනායක පොලිසිය පවසනවා.
63 හැවිරිදි Dovgaienko Valerii නැමැති මෙම සහාය ගුවන් නියමුවා ඊයේ (15) රාත්‍රී 10.00ට පමණ
ඔවුන් නැවතී සිටි කටුනායක – පීල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි “ටැමරින් ට්‍රී ” නැමැති හෝටලයේ කාණුවකට ඇද වැටි මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම ගුවන් නියමුවාව මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහි දී වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.
මෙම මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් විය හැකි බවට සැක කරන අතර, මියගිය සහාය නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) දින මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.
මෙම සහාය ගුවන් නියමුවා රාජකාරී කළ ගුවන් යානය අද (16) දහවල් 12.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමය නියමිතව තිබුණා.
කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන කටයුතු සිදුකරනවා.














THICO BANDHA NE. OYA HOTALEMA REDHA USSAGENA HITYADHA DANNE NAHE. OKA ISSARAHIN SAHA PASSEN DEKEN MA USSAGENA NE HITIYE. ENA ONA EKEKUTA ARINNA. MU EKA DIHA BALAGENA GIHIN HUMBAHA DEKALA BHAYA WELA STROKE AWITH MARILA KANUWATA WATENNA ATHI