AFC Banner
Empty Ad
Empty Ad

රුවන්වැල්ලේ බස් නැවතුමක තිබී හිටපු පොලිස් කොස්තාපල් වරයකුගේ සිරුරක් හමු වෙයි

මියගිය හේතුව තවමත් අභිරහසක්

රුවන්වැල්ල ප්‍රදේශයේ බස් නැවතුමක තිබි හිටපු පොලිස් කොස්තාපල් වරයකුගේ සිරුර හමු වී තිබෙනවා .

බස් නැවතුමේ පුද්ගලයකු මියගොස් සිටින බවට රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත මෙම සිරුර සොයා ගැනුණු අතර මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවු 54 ක් වු මානෙල් ප්‍රේමසිරි නැමති දැනට වැඩ තහනමට ලක්ව සිටින අයෙක් බවට හෙළිවී තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ කළ විමර්ශනවලදී වැන්ඳල ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් කොස්තාපල් වරයකු බවට හඳුනාගෙන ඇති අතර මෙම පුද්ගලයා මියගියේ කුමන හේතුවකින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මියගිය හේතුව සෙවීමට හා PCR පරීක්ෂණ සඳහා සිරුරු කරවනැල්ල මුලික රෝහලේ මෘත ශරිරාගාරයට රැගෙන යාමට රුවන්වැල්ල පොලීසිය පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?