රුපියල් 5කින් බිත්තර මිල අඩු වෙයි – ළමා රෝහලට බිත්තර නොමිලේ

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එමෙන්ම කොළඹ අවට සියලු ආර්ථික මධ්‍යස්ථානවලට රුපියල් 53ක මිලකට බිත්තර ලබාදීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේ.

බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07) කොළඹට රැගෙන එන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර අද සිට බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට ද කටයුතු කරන බවයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කළේ.

මේ අතර බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් බිත්තර ආනයනය කිරීමේ වගකීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පවරා දී ඇති බ‍වයි එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ.

ඒ අනුව, බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතිය තුළ සිදුකර අවසන් කිරීමට නියමිතයි.

බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව රුපියල් 45 කටත් වඩා අඩුවෙන් පාරිභෝගිකයින්ට බිත්තර අලෙවි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.

බිත්තර මිල ඉහළයාම හමුවේ පාරිභෝගිකයින් පත්වන අපහසුතාව සැළකිල්ලට ගනිමිනුයි බිත්තර ආනයනය කිරීම සඳහා අවශ්‍ය බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබුණේ.

එහිදී බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළවී තිබෙනවා.

https://www.youtube.com/watch?v=qpzqhHJMgo8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?