රුපියල් 5කින් බිත්තර මිල අඩු වෙයි – ළමා රෝහලට බිත්තර නොමිලේ

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එමෙන්ම කොළඹ අවට සියලු ආර්ථික මධ්‍යස්ථානවලට රුපියල් 53ක මිලකට බිත්තර ලබාදීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේ.

බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07) කොළඹට රැගෙන එන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර අද සිට බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට ද කටයුතු කරන බවයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කළේ.

මේ අතර බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් බිත්තර ආනයනය කිරීමේ වගකීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පවරා දී ඇති බ‍වයි එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ.

ඒ අනුව, බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතිය තුළ සිදුකර අවසන් කිරීමට නියමිතයි.

බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව රුපියල් 45 කටත් වඩා අඩුවෙන් පාරිභෝගිකයින්ට බිත්තර අලෙවි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.

බිත්තර මිල ඉහළයාම හමුවේ පාරිභෝගිකයින් පත්වන අපහසුතාව සැළකිල්ලට ගනිමිනුයි බිත්තර ආනයනය කිරීම සඳහා අවශ්‍ය බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබුණේ.

එහිදී බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළවී තිබෙනවා.

https://www.youtube.com/watch?v=qpzqhHJMgo8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29