AFC Banner
AFC Banner
Empty Ad

රුපියල් ලක්ෂ 42ක් වටිනා විදෙස් දුම්වැටි සමගින් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

තීරුබදු රහිතව සූක්ෂ්ම අයුරින් මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස ගෙනා විදෙස් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 42ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (19) කෙසෙල්වත්ත පොලිස් වසමේ මිරානි වීදියේ පිහිටි වන්දි දර්බාන් හෝටලය ඉදිරිපිට දී සහ සවුන්ඩර්ස් මාර්ගයේ දී මෙම වැටලීම් සිදු කරනු ලැබුවා.

එහිදියි නීතිවිරෝධීව තීරු බදු නොගෙවා හොර රහසේ මෙරටට ගෙන්වන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 52,800 ක් සන්තකයේ තබාගෙන සිටි පෙරියමුල්ල, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 24,200ක් සහ ජංගම දුරකථන 03, යතුරු පැදියක් සමග පොලිස් භාරයට ගැනුණා.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?