රුපියල් ලක්ෂ 42ක් වටිනා විදෙස් දුම්වැටි සමගින් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

තීරුබදු රහිතව සූක්ෂ්ම අයුරින් මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස ගෙනා විදෙස් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 42ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (19) කෙසෙල්වත්ත පොලිස් වසමේ මිරානි වීදියේ පිහිටි වන්දි දර්බාන් හෝටලය ඉදිරිපිට දී සහ සවුන්ඩර්ස් මාර්ගයේ දී මෙම වැටලීම් සිදු කරනු ලැබුවා.

එහිදියි නීතිවිරෝධීව තීරු බදු නොගෙවා හොර රහසේ මෙරටට ගෙන්වන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 52,800 ක් සන්තකයේ තබාගෙන සිටි පෙරියමුල්ල, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 24,200ක් සහ ජංගම දුරකථන 03, යතුරු පැදියක් සමග පොලිස් භාරයට ගැනුණා.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14