යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඊයේ (27) රාත්‍රියේ සිදුකළ ඇති එම සෝදිසි මෙහෙයුමේ දී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමට යාමේදී එම සැකකටයුතු යාත්‍රාව මඟින් මලු කිහිපයක් මුහුදට දමා පළා යාමට උත්සාහ කර ඇත.
පසුව අදාළ සැකකටයුතු ඩිංගි යාත්‍රාව හඹා ගොස් සැකකරුවන් තිදෙනෙකු සමඟ එම යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
එහිදී මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී මුහුද ට දමා තිබු පොලිතීන් මලු 08ක පාර්සල් 125ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 125 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 20ත් 40ත් අතර වසේ පසුවන තොන්ඩමන්ආරු සහ ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.
එම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලි පොලීසිය වෙත භාරදීමට නියමිතය.




