“රීඩ් මාවතේ සියවස් සැමරුම” ට සමරු මුද්දරයක්

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ පැවති 79 වැනි වාර්ෂික Philex ප්‍රදර්ශනයට සමගාමීව සිදු කර තිබෙනවා.

එම සියවස් සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසිනුයි සාගල රත්නායක මහතා වෙත පිළිගැන් වූයේ.

රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන The Royal Philatelist කෘතිය මුද්දර සංගමයේ සභාපති සනුක වනසිංහ සහ ලේකම් දේවීන් බාලසූරිය යන සිසුන් විසින් සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

පූජ්‍ය ගවරගිරියේ පේමරතන හිමි, රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, මුද්දර සංගමය භාර ආචාරිනී චමිලා බස්නායක යන මහත්ම මහත්මීන්, රාජකීය විද්‍යාලයේ උප විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ මුද්දර සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?