“රීඩ් මාවතේ සියවස් සැමරුම” ට සමරු මුද්දරයක්

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ පැවති 79 වැනි වාර්ෂික Philex ප්‍රදර්ශනයට සමගාමීව සිදු කර තිබෙනවා.

එම සියවස් සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසිනුයි සාගල රත්නායක මහතා වෙත පිළිගැන් වූයේ.

රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන The Royal Philatelist කෘතිය මුද්දර සංගමයේ සභාපති සනුක වනසිංහ සහ ලේකම් දේවීන් බාලසූරිය යන සිසුන් විසින් සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

පූජ්‍ය ගවරගිරියේ පේමරතන හිමි, රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, මුද්දර සංගමය භාර ආචාරිනී චමිලා බස්නායක යන මහත්ම මහත්මීන්, රාජකීය විද්‍යාලයේ උප විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ මුද්දර සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55