Empty Ad
AFC Banner
Empty Ad

රිෂාඩ්ගේ ගෙදර තරුණියෝ 11 කට දැඩි හිංසන – ඇමැති නිල නිවස ඇතුළෙත් අතවර?

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා මීට ඉහතදී වතුකරයෙන් රැගෙන ආ තරුණියන් 11 දෙනකු දැඩි හිංසනයට සහ ඉන් ඇතැම් දෙනකු ලිංගික අතවරයන්ට ලක්වී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

ඒ අනුව හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් තබූ තරුණියක බම්බලපිටිය ප‍්‍රදේශයේ දී අබිරහස් අන්දමින් දුම්රියට පැන සියදිවි හානිකර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහෙකාර සේවය සඳහා තරුණියන් සහ දැරියන් රැගෙන එද්දී බ්‍රෝකර්වරයාට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදීමට ද ඇමැතිවරයා කටයුතු කර තිබූ බවද හෙළිවී තිබෙනවා.

බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් ගිනිතබාගෙන සිය දිවි හානිකරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත අද (24) ඉදිරිපත් කිරීමට බවත් එහි සඳහන්.

මෙසේ ගිනි තබාගෙන සියදිවි හානිකරගත් බාලවයස්කාර දැරිය ද ලිංගික අතවරයට ලක්ව සිටි බව විමර්ශනවලින් අනාවරණය වී තිබුණා.

මෙම දැරියට මාස 8කින් සිය නිවසට යෑමට ඉඩ ලබාදී නොතිබුණු අතර ඇයට පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ සිය මව්පියන්ට දුරකථන ඇමතුමක් පවා ලබාදීමට ඉඩ දී නොතිබුණු බව හෙළිවී ඇති බවයි පැවසෙන්නේ.‍

මෙම දැරිය හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවස පිටුපස වෙනම පිහිටි කුඩා කාමරයක නතර කර තබා ඇති අතර එම කාමරයේ විදුලි එළියක් පවා තිබී නැති බව අනාවරණය වී ඇති බව එම වාර්තාවල සඳහන්‍.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?