AFC Banner
AFC Banner
Empty Ad

රිය අනතුරින් පසු රිෂාබ් පාන්ට්ට කැඳවීමක් – දයාල්ට මංගල ටෙස්ට් වරම් (නිවේදනය)

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා රිෂාබ් පාන්ට් සහ කේ.එල්. රාහුල් කැඳවා තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ; 2022 දෙසැම්බර් මස සිදු වූ රිය අනතුරින් පසුව පාන්ට් එක්වන පළමු ටෙස්ට් තරගාවලිය ද මෙය බවයි.

වළලුකරහි සිදු වූ තුවාලයක් හේතුවෙන් මේ වනවිට (09) ශල්‍යකර්මයකට භාජනය කර; සුව වෙමින් සිටින වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් ෂාමිට මෙම ටෙස්ට් තරගයේ ඉඩකඩක් ලැබී නැහැ.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ටෙස්ට් සංචිතය නම්කර ඇති අතර; එහි නායකත්වය රෝහිත් ෂර්මා හට හිමි ව තිබෙනවා.

ෂර්මාගේ නායකත්වයෙන් යුතු සංචිතයට යෂෂ්වි ජයිස්වාල්, ශුබ්මන් ගිල්, විරාට් කෝලි, කේ.එල්. රාහුල්, සර්ෆ්‍රරාස් ඛාන්, රිෂාබ් පාන්ට්, ඩ්‍රව් ජුරෙල්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, ආකාෂ් දීප්, ජස්ප්‍රිට් බුම්‍රා, යාෂ් දයාල් එක් කර තිබෙනවා.

මෙම තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව නවක ක්‍රීඩක Yash Dayal මංගල ටෙස්ට් වරම් ද හිමිකරගනු ඇති.

එමෙන්ම එංගලන්ත ටෙස්ට් තරගාවලි‍යේ පළමු ටෙස්ට් තරගයට පමණක් එක්වෙමින් තරගාවලියෙන් ඉවත් වූ කේ.එල්. රාහුල් මෙම තරගයට කැඳවා තිබෙනයුරු ද දැකිය හැකියි.

මේ අතර මේ වනවිට වැඩි කතාබහක් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර මැවීමට සමත් ව ඇති ආකාෂ් දීප් මෙම ටෙස්ට් තරගාවලියේ ද තමන්ගේ ස්ථානය රැක ගැනීමට සමත් ව සිටිනවා.

ඒ සිය මංගල තරගාවලියේ දී ම දුලීප් කුසලානයට එක්වෙමින් කඩුලු 09ක් තමන් නමට ලියා ගැනීමට සමත් වීම හේතුවෙන්.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය එළඹෙන 19 වැනිදා චෙන්නායි හි දී ආරම්භ වන අතර දෙවැනි තරගය 27 වැනි දින කන්පූර් හිදී ආරම්භ වනු ඇති.

387227
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?