රිය අනතුරින් පසු රිෂාබ් පාන්ට්ට කැඳවීමක් – දයාල්ට මංගල ටෙස්ට් වරම් (නිවේදනය)

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා රිෂාබ් පාන්ට් සහ කේ.එල්. රාහුල් කැඳවා තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ; 2022 දෙසැම්බර් මස සිදු වූ රිය අනතුරින් පසුව පාන්ට් එක්වන පළමු ටෙස්ට් තරගාවලිය ද මෙය බවයි.

වළලුකරහි සිදු වූ තුවාලයක් හේතුවෙන් මේ වනවිට (09) ශල්‍යකර්මයකට භාජනය කර; සුව වෙමින් සිටින වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් ෂාමිට මෙම ටෙස්ට් තරගයේ ඉඩකඩක් ලැබී නැහැ.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ටෙස්ට් සංචිතය නම්කර ඇති අතර; එහි නායකත්වය රෝහිත් ෂර්මා හට හිමි ව තිබෙනවා.

ෂර්මාගේ නායකත්වයෙන් යුතු සංචිතයට යෂෂ්වි ජයිස්වාල්, ශුබ්මන් ගිල්, විරාට් කෝලි, කේ.එල්. රාහුල්, සර්ෆ්‍රරාස් ඛාන්, රිෂාබ් පාන්ට්, ඩ්‍රව් ජුරෙල්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, ආකාෂ් දීප්, ජස්ප්‍රිට් බුම්‍රා, යාෂ් දයාල් එක් කර තිබෙනවා.

මෙම තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව නවක ක්‍රීඩක Yash Dayal මංගල ටෙස්ට් වරම් ද හිමිකරගනු ඇති.

එමෙන්ම එංගලන්ත ටෙස්ට් තරගාවලි‍යේ පළමු ටෙස්ට් තරගයට පමණක් එක්වෙමින් තරගාවලියෙන් ඉවත් වූ කේ.එල්. රාහුල් මෙම තරගයට කැඳවා තිබෙනයුරු ද දැකිය හැකියි.

මේ අතර මේ වනවිට වැඩි කතාබහක් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර මැවීමට සමත් ව ඇති ආකාෂ් දීප් මෙම ටෙස්ට් තරගාවලියේ ද තමන්ගේ ස්ථානය රැක ගැනීමට සමත් ව සිටිනවා.

ඒ සිය මංගල තරගාවලියේ දී ම දුලීප් කුසලානයට එක්වෙමින් කඩුලු 09ක් තමන් නමට ලියා ගැනීමට සමත් වීම හේතුවෙන්.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය එළඹෙන 19 වැනිදා චෙන්නායි හි දී ආරම්භ වන අතර දෙවැනි තරගය 27 වැනි දින කන්පූර් හිදී ආරම්භ වනු ඇති.

387227
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44