රිය අනතුරකින් ආධුනික ගුවන් යානා නියමුවෙකුට දිවි අහිමිව වෙයි

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව, විජය පාර ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ යතුරුපැදියක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හෑවිරිදි සංජුල සදේශ් නමැති තරුණයෙක්වන අතර ඔහු ගුවන් යානා නියමුවෙක් ලෙස පුහුණුව ලබමින් සිටි අයෙක්.

තරුණයා පැදවූ යතුරුපැදි ප්‍රධාන මාර්ගයේ සිට දකුණට හැරවීමට සූදානම්න අවස්ථාවේ දී පිටුපසින් පැමිණි ගාල්ල – කොළඹ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථයේ රියදුරා අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය සඳහන් කළේ බස් රථයේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?