රියදුරුට නින්දයාමෙන් රියදුරු සහයකවරයාට දිවි අහිමි වෙයි

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලිස් වසමේ මල්වානේගම, රාජපක්ෂගම ප්‍රදේශයේදී තඹුත්තේගම සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ පසු පසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ලොරි සහයකවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර අද (11) අළුයම 5.00ට පමණ සිදුව තිබෙන අතර ලොරි රථය පැදවූ රියදුරුට නින්දයෑම හේතුවෙන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන් කළ බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණයේ දී අනාරණය වූ බව තඹුත්තේගම පොලිසිය පවසනවා.

අනතුරින් ලොරි රථයේ ඉදිරිපසට මෙන්ම බස් රථයේ පිටුපසට දැඩි අලාභ හානි සිදුව තිබූනද පසුපස අසුන් පෙළේ කිසිවකුත් සිට නොතිබීම නිසා මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව ලොරි රථයේ සිරවී සිටි පුද්ගලයා දැඩි වෙහෙසක් දරා මුදවාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළත් කළද ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට පත් ලොරි රථය කෙරවල පිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුරයේ පෞද්ගලික වෙළෙඳ සැලකට එලවළු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන අතර,මියගිය පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් මේ වනවිට ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන තඹුත්තේගම පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08