රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා අද පිළිකා ඒකකය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.
සුළු සේවකයින් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාල වෛද්‍යවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
පසුගිය 16 වැනිදා පැවති වැඩවර්ජනයට එක් වීම සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට අප්‍රසාදය පලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
අධිකරණයේදී හෙලි වුණේ එහිදී වෛද්‍යවරයා විසින් පහරදිමක් සිදුකර ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය වෛද්‍යවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වෛද්‍යවරයාට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා කරාපිටිය පිළිකා ඒකකයේ වෛද්‍යවරුන් සහ හෙදියන් අද නිහඬ විරෝධතාවක නිරත වුණා.
කරාපිටිය පිළිකා ඒකකය ඉදිරිපිට පැවති විරෝධතාව සඳහා රෝගීන්ගේ ඥාතීන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.