රිමාන්ඩ් කෙරුණු කරාපිටියේ වෛද්‍යවරයාට සාධාරණයක් ඉල්ලා විරෝධතාවක් (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා අද පිළිකා ඒකකය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.

සුළු සේවකයින් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාල වෛද්‍යවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

පසුගිය 16 වැනිදා පැවති වැඩවර්ජනයට එක් වීම සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට අප්‍රසාදය පලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

අධිකරණයේදී හෙලි වුණේ එහිදී  වෛද්‍යවරයා විසින් පහරදිමක් සිදුකර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය වෛද්‍යවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වෛද්‍යවරයාට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා කරාපිටිය පිළිකා ඒකකයේ වෛද්‍යවරුන් සහ හෙදියන් අද නිහඬ විරෝධතාවක නිරත වුණා.

කරාපිටිය පිළිකා ඒකකය ඉදිරිපිට පැවති විරෝධතාව සඳහා රෝගීන්ගේ ඥාතීන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40