Empty Ad
AFC Banner
Empty Ad

රිජ්වේ රෝහලේ දී මියගිය තුන් හැවිරිදි දරුවෙකු ගැන අධිකරණයෙන් නියෝගයක්

වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි බාල වයස්කාර අම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවාගේ මියයාමට අදාළ මරණ පරීක්ෂණයේ නියෝගය ලබන 11 වන දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (11) දැනුම් දුන්නා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අදාළ සැත්කම සිදු කළ බව කියන නවීන් විජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබා දුන් ප්‍රකාශයට අදාළ වර්තා අධිකරණයට ලැබී තිබූ අතර එම සාක්ෂි සටහන්වලට පෙර නඩු දිනයේ දී විවෘත අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයා විසින් අත්සන් කරනු ලැබුවා.

මේ වන විට ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබා දුන් ප්‍රකාශයට අදාළ වර්තා අධිකරණයට ලැබී තිබෙන බව සඳහන් කිරීමෙන් අනතුරුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරුණා.

එම දරුවාගේ ශල්‍යකර්මය සිදු කළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා මේ වන විට ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටින අතර ඔහු පෙර නඩු දිනයකදී ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිය ප්‍රකාශය ලබා දී තිබුණා.

වෛද්‍යවරයා ලබා දුන් සාක්ෂිය ඔස්ට්‍රෙලියානු මහා කොමසාරිස් කාර්යාලය හරහා තහවුරු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර නඩු දිනයක දී නියෝග කළා.

එම දරුවාගේ වම් වකුගඩුවේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් එහිදී සිදුකළ ශල්‍යකර්මයක දී දරුවාගේ සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවට ද හානි සිදුවීමෙන් මෙම මියයාම සිදුව ඇති බව පවසමින් මියගිය දරුවාගේ කොටහේන ප්‍රදේශයේ පදිංචි මව්පියන් බොරැල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කෙරුණා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණ වාර්තාවේ නඩු තීන්දුව ලබන 11 දින ලබාදෙන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?