රිජ්වේ රෝහලේ දී මියගිය තුන් හැවිරිදි දරුවෙකු ගැන අධිකරණයෙන් නියෝගයක්

වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි බාල වයස්කාර අම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවාගේ මියයාමට අදාළ මරණ පරීක්ෂණයේ නියෝගය ලබන 11 වන දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (11) දැනුම් දුන්නා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අදාළ සැත්කම සිදු කළ බව කියන නවීන් විජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබා දුන් ප්‍රකාශයට අදාළ වර්තා අධිකරණයට ලැබී තිබූ අතර එම සාක්ෂි සටහන්වලට පෙර නඩු දිනයේ දී විවෘත අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයා විසින් අත්සන් කරනු ලැබුවා.

මේ වන විට ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබා දුන් ප්‍රකාශයට අදාළ වර්තා අධිකරණයට ලැබී තිබෙන බව සඳහන් කිරීමෙන් අනතුරුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරුණා.

එම දරුවාගේ ශල්‍යකර්මය සිදු කළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා මේ වන විට ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටින අතර ඔහු පෙර නඩු දිනයකදී ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිය ප්‍රකාශය ලබා දී තිබුණා.

වෛද්‍යවරයා ලබා දුන් සාක්ෂිය ඔස්ට්‍රෙලියානු මහා කොමසාරිස් කාර්යාලය හරහා තහවුරු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර නඩු දිනයක දී නියෝග කළා.

එම දරුවාගේ වම් වකුගඩුවේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් එහිදී සිදුකළ ශල්‍යකර්මයක දී දරුවාගේ සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවට ද හානි සිදුවීමෙන් මෙම මියයාම සිදුව ඇති බව පවසමින් මියගිය දරුවාගේ කොටහේන ප්‍රදේශයේ පදිංචි මව්පියන් බොරැල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කෙරුණා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණ වාර්තාවේ නඩු තීන්දුව ලබන 11 දින ලබාදෙන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05