රිකිල්ලගස්කඩ – දිඹුල්කුඹුර මාර්ගයේ කඳුරහේන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුර ලක්වීමෙන් ඊයේ (25) පස්වරුවේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උඩගල සිට රිකිල්ලගස්කඩ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දරුවා තුවාල ලබා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එලෙස රෝහල් ගත කිරීමේ දී බිරිඳ මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
රියදුරු සහ වයස අවුරුදු 06ක දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 47ක කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් .




