අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්ට Online ඉගැන්වීම් සුදුසු නැහැ – අමාත්‍යාංශ නිවේදනයක්

වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම සුදුසු නොමැති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා සිටින්නේ, මෙලෙස වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම, අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බවයි.

අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව වයස අවුරුදු 3-5 අතර පසුවන දරුවෙකුගේ ඉගෙනුම සිදුවිය යුත්තේ ක්‍රියාකාරකම් පාදක කරගත් සහ සමාජීය අන්තර්ක්‍රියා සහිත පරිසරයක බවට එම නිවෙදනය මඟින් අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මාර්ගගත ක්‍රමයේ දී තිරයක් දෙස බලා සිටිමින් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සමාජීය කුසලතා වර්ධනය අඩාල වීම, අවධානය රඳවා ගැනීමේ හැකියාව හීන කිරීම සහ නිර්මාණාත්මක චින්තනයටද බාධා පමුණුවන බවත් එම නිවෙද්සනයේ සඳහන්.

ඒ අනුව රජයේ සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව පූර්ව ළමාවිය සංවර්ධනයේදී දරුවා සජීවීව පරිසරය සමග ගනුදෙනු කළ යුතු බවත් කුඩා දරුවන් අධික ලෙස තාක්ෂණික මෙවලම්වලට නිරාවරණය කිරීම ඔවුන්ගේ මානසික හා කායික සෞඛ්‍යයට විශේෂයෙන් මොළයේ වර්ධනයට අහිතකර බැවින් එවැනි වයස් කාණ්ඩ සඳහා මාර්ගගත පන්ති පැවැත්වීම අනුමත නොකරන අමාත්‍යාංශය පවසනවා.

පෙර පාසල් සහ ප්‍රාථමික අංශයේ දරුවන් ඉලක්ක කර ගනිමින් වර්තමානයේ බෝහෝ මාර්ගගත සම්මන්ත්‍රණ ක්‍රියාත්මක වන බවත් මෙවැනි සම්මන්ත්‍රණ මගින් දරුවාගේ අධ්‍යාපනික ප්‍රමිතිය ඉහළ නොයන බවත් ඔවුන්ගේ ස්වභාවික වර්ධනයට එය බාධාවක් බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් එම නිවෙද්නය් සඳහන් කර තිබෙනවා.

ඒ හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව සලකා බලා මෙවැනි ක්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් වැලකී සිටින ලෙසත් ඉල්ලා සිටින අතර දරුවෙකුගේ හොඳම ගුරුවරයා පරිසරය සහ සජීවි අත්දැකීම් මිස ඩිජිටල් තිරයක් නොවන බව නිවෙදනය් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව දරුවන්ගේ මානසික හා කායික සෞඛ්‍යය සම්බන්ධව දෙමාපියන් ලෙස දැඩි අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස අමාත්‍යාංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02