රැයක් පුරා පියාට පහරදී ‘මරා දැමූ’ පාපතර පුතා

රැයක් පුරා පුතාගෙන් පහර කෑමට හා විවිධ වධ හිංසනයට ලක් වූ 85 හැවිරිදි වයෝවෘද්ධ පියකූ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පන්නල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බලවල කටුදෙනියේ පදිංචිව සිටි 85 හැවිරිදි දරුවන් නව දෙනකූගේ පියෙක් බවයි එම වාර්තා මගින් සඳහන් වුණේ.

දුර බැහැර පෞද්ගලික ආයතනයක සේවය කරන සැකකරු බීමත්ව නිවසටපැමිණ පියාට පහර දෙද්දී නිවසේ සිටි මවත් සැකකරුගේ ලොකූ පුතාත් අසල්වැසි නිවසකට ගොස් තිබෙනවා.

සැකකාර පුතා පියාට පහර දෙද්දී කෑ ගසන හඬ ඇසුණු මුත් ඔහුට බියෙන් නිවසට නොපැමිණි බවත් පසුදින උදේ එද්දී මියගිය අය ඇඳ මත සිහිසුන්ව සිටි බවත් වාර්තා වනවා.

පියා මරණයට පත්ව ඇති අතර සැකකාර පුතා අසල්වැසියන් විසින් අල්ලා බැඳ පොලිසියට බාරදී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?