රැකියා ස්ථානවල දී කාන්තාව මුහුණදෙන ගැටලු ගැන කාරක සභා අවධානය (ඡායාරූප)

රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණදෙන ගැටලු පිළිබඳ ව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු ව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම කරුණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිසභාපතිත්වයෙන් පාර්ලිමේන්තුව දී රැස්වූ අවස්ථාවේ දී සාකච්ඡාවට ගැනුණු බවයි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන සහ වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් කැඳවා තිබුණු අතර මෙහිදී පැමිණි නියෝජිතයින් පෙන්වා දුන්නේ මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් කාන්තාවන් වුව ද විධායක ශ්‍රේණියේ තනතුරු සඳහා පත්වන කාන්තාවන් සංඛ්‍යාව සීමිත බවයි.

ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ දරුවන් රැක බලාගැනීම සඳහා විධිමත් ආකාරයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පැමිණි නියෝජිතයින් පෙන්වා දුන්නා.

ගෘහ සේවයේ නියුතු වෘත්තිකයන් පිළිබඳ පවතින නීතිමය ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී පැමිණි පාර්ශ්ව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යෙ‍ාමුකොට
අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් මැදිහත් වන බවයි කාරක සභාව දැනුම්දුන්නේ.

කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ කාන්තාව ව්‍යවසායකයන් ලෙස සවිබලගැන්වීම සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරන බවයි.

මීට අමතරව කෘත්‍රීම බුද්ධිය රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම මගින් කාන්තා වෘත්තිකයින්ට
සිදුවන බලපෑම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් වුණා.

මෙම සාකච්ඡා කළ සියලු කරුණු සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැමිණි නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද සිදු කළා.

SOC Foreign Employment and Labour 20240619 10
SOC Foreign Employment and Labour 20240619 9
SOC Foreign Employment and Labour 20240619 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26