රාහුල්ගේ කිරුළ පාන්ට්ගේ හිස මතට

2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ (LSG) නායකත්වයට කඩුලු රකින්නෙකු වන රිෂාබ් පාන්ට් නම් කිරීමට නියමිත ව තිබෙනවා.

මීට පෙර මෙම කණ්ඩායමේ නායකත්වය හිමිවූයේ කේ.එල්. රාහුල් හට යි.

නමුත් ඔහු ව තරගාවලිය සඳහා පසුගිය නොවැම්බර් මස පැවති වෙන්දේසියේ දී රඳවා නොගත් ක්‍රීඩකයෙකු ලෙසයි සැලකුණේ.

පසුගිය වසරේ අග භාගයේ දී නිමාවට පත් වූ මෙගා වෙන්දේසියේ මිල අධික ම ක්‍රීඩකයා ලෙස සැලකුණු රිෂාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටි 27කට (අමෙරිකානු ඩොලර් මිලියන 3.21)කට ලක්නව් කණ්ඩායම විසින් මිලට ගනු ලැබුවා.

පසුගිය වසර දෙක තුළ ම ලක්නව් හි නායකත්වය ගෙන කටයුතු කළේ කේ. එල් රාහුල් වන අතර ඔහුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට වාර දෙකෙහි ම අවසන් මහා තරගයට පිවිසීමටවත් නොහැකි වුණා.

එහි සුවිශේෂීත්වය වන්නේ 2024 වර්ෂයේ දී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග ප්‍රසාද ලකුණු සටහනේ ලක්නව් සුපර් ජයින්ට්ස් කණ්ඩායම 7 වැනි ස්ථානය දක්වා පසුබැසීමයි.

රිෂාබ් පාන්ට් ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් වෙනුවෙන් නායකත්වය දරන දෙවැනි අවස්ථාව මෙය වනවා.

මීට පෙර ඔහු දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් පෙනී සිටියා.

ලක්නව් සුපර් ජයින්ට්ස් වෙනුවෙන් වෙන්දේසියේ දී ක්‍රීඩකයින් පස්දෙනෙකු රඳවා ගත් අතර රිෂාබ් පාන්ට්ට අමතර ව නිකලස් පූරන්, රවී බිෂ්නෝයි, මායන්ක් යාදව්, ආයුෂ් බඩෝනි සහ මොහ්සින් ඛාන් මේ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26