රාත්‍රී ආහාර වේල හවස 6ට පෙර පිළියල කර ගන්න : ලංවිම උපදෙස්

පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06 ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග පැවසුවේ එලෙස ක්‍රියාකිරීමෙන් විදුලිය විසන්ධි වීම අවම කර ගත හැකි බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තවත් දින 05කට අධික කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල වරින් වර විදුලිය විසන්ධි විය හැකි බවයි.

පෙරේදා දිනයේ මෙන්ම ඊයේ දිනයේද පස්වරු 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම බිඳ වැටුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?