රාත්‍රී තැපැල් කෝච්චියේ ගැටී සද්දන්තයෙකු මියැදෙයි

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු මරුමුවට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (18) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදු ව ඇත්තේ මීගලෑව වනසත්ත්ව අඩවියට අයත් සියඹලංගමුව ප්‍රදේශයේ දී බවයි.

මරණයට පත්ව ඇති වනඅලියා අවුරුදු 10ක් පමණ වන සත්ත්වයෙක් බවත් අනතුරින් පසුව එම සත්ත්වයාගේ සිරුර කෑලි කිහිපයකට කැඩී විසි වී ඇති බවත් වාර්තා වනවා.

නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය මගින් වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?