රාජිතගේ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ නඩුව ගැන තීරණය ඔක්තෝබර් 24

වෙස්මාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා 2019 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් තාසිම් මොහොමඩ් රුමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුව විත්තිය සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරනවාද නැද්ද යන නියෝගය ඔක්තෝබර් 24 ලබාදීමට මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක මහතා අද (04) නියෝග කළා.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ සිය සේවාදායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නිතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරුවරයා විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ඔක්තෝබර් 24 ලබා දීමට දින නියම කළා.

2019 නොවැම්බර් 10 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක දි අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීම මත සුදු වෑන් භාවිත කර පුද්ගලයින් පැහැර⁣ගෙන ගොස් ඝාතනය කළ බවට සහ වෙළුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබූ රන් භාණ්ඩ ගෝඪාභය රාජපක්ෂ සතු කරගත් බව වටරැක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් උණ්ඩියල් අතුල සහ ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු ලෙස පෙනී සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර යන පුද්ගලයින් ලවා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?