රාජිතගේ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ නඩුව ගැන තීරණය ඔක්තෝබර් 24

වෙස්මාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා 2019 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් තාසිම් මොහොමඩ් රුමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුව විත්තිය සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරනවාද නැද්ද යන නියෝගය ඔක්තෝබර් 24 ලබාදීමට මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක මහතා අද (04) නියෝග කළා.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ සිය සේවාදායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නිතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරුවරයා විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ඔක්තෝබර් 24 ලබා දීමට දින නියම කළා.

2019 නොවැම්බර් 10 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක දි අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීම මත සුදු වෑන් භාවිත කර පුද්ගලයින් පැහැර⁣ගෙන ගොස් ඝාතනය කළ බවට සහ වෙළුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබූ රන් භාණ්ඩ ගෝඪාභය රාජපක්ෂ සතු කරගත් බව වටරැක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් උණ්ඩියල් අතුල සහ ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු ලෙස පෙනී සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර යන පුද්ගලයින් ලවා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08