රාජිතගේ ප්‍රතිශෝධන අයදුම්පත සැප්තැම්බර් පළමුවනදා කැඳවීමට තීරණයක්

කිරින්ද ධීවර වාරයේ වැලි කැනීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර, තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

නඩුව කැඳවු අවස්ථාවේදී එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අල්ලස් කොමි⁣සමේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ තමන්ට ලැබුණු තොරතුරු මත අධිකරණය හමුවේ පෙනී සිටින බවත් අධිකරණය විසින් නිකුත් කළ නොතිසි නිසා ආකාරව මේ දක්වා නොලැබුනු බවයි.

එහිදී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එය මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළා. \

එමෙන්ම අදාළ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට අවශ්‍ය ලේඛන කාර්යාලයට ලබා දුන්නත් යම් කිසි අතපසුවීමක් සිදු වී ඇති නම් ඉදිරියේ දී එය නිවරැදි කර නැවත නොතිසි නිකුත් කිරීමට කටයුතු කරන බවද අධිකරණයට දැනුම් දුන්නා.

නිසිපරිදි නොතිසි ලැබී නැතත් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් සිය ප්‍රතිශෝධන අයදුම්පත සලකා බලන මෙන් ඉල්ලා සිටියා.

කෙසේ නමුත් මහාධිකරණ විනිසුරුවරිය පෙන්වා දුන්නේ වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතිසි ලැබි නැති හෙයින් ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලිමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව එම ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් 01 වැනිදා කැඳවීමට නියෝග කළා.

එමෙන්ම සියලු වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතිසී නිකුත් කරන ලෙස ද නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?