රාජිතගේ ප්‍රතිශෝධන අයදුම්පත සැප්තැම්බර් පළමුවනදා කැඳවීමට තීරණයක්

කිරින්ද ධීවර වාරයේ වැලි කැනීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර, තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

නඩුව කැඳවු අවස්ථාවේදී එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අල්ලස් කොමි⁣සමේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ තමන්ට ලැබුණු තොරතුරු මත අධිකරණය හමුවේ පෙනී සිටින බවත් අධිකරණය විසින් නිකුත් කළ නොතිසි නිසා ආකාරව මේ දක්වා නොලැබුනු බවයි.

එහිදී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එය මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළා. \

එමෙන්ම අදාළ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට අවශ්‍ය ලේඛන කාර්යාලයට ලබා දුන්නත් යම් කිසි අතපසුවීමක් සිදු වී ඇති නම් ඉදිරියේ දී එය නිවරැදි කර නැවත නොතිසි නිකුත් කිරීමට කටයුතු කරන බවද අධිකරණයට දැනුම් දුන්නා.

නිසිපරිදි නොතිසි ලැබී නැතත් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් සිය ප්‍රතිශෝධන අයදුම්පත සලකා බලන මෙන් ඉල්ලා සිටියා.

කෙසේ නමුත් මහාධිකරණ විනිසුරුවරිය පෙන්වා දුන්නේ වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතිසි ලැබි නැති හෙයින් ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලිමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව එම ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් 01 වැනිදා කැඳවීමට නියෝග කළා.

එමෙන්ම සියලු වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතිසී නිකුත් කරන ලෙස ද නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25