රාජ්‍ය සේවකයන්ට අතුරු දීමනාවක්

රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යූහය නියමාකාර ලෙස සකස් කරන තෙක් යම්කිසි අතුරු දීමනාවක් රාජ්‍ය සේවකයන්ට ලබා දීම පිළිබඳ සලකා බලන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එය රජයේ ආදායම් තත්ත්වයෙත් වර්ධනය කර ගැනීමත් සමග කළ යුතු බව 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ දෙවන දිනය සඳහා අද (24දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

මේ අතර මුදල් ඇමතිවරයා රාජ්‍ය සේවකයන් රටට බරක් ලෙස සඳහන් කළ බවට විවිධ පාර්ශව සඳහන් කරන බවත් එමගින් රාජ්‍ය සේවකයක් කප්පාදු කළ යුතු බවට ඔහු සඳහන් කළ ලෙස තේරුම් නොගතයුතු බවත් සඳහන් කළ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,

මුදල් ඇමතිවරයා රාජ්‍ය සේවය රටට බරක් කියලා කිව්ව කාරණය මතු කළා.

මව්වරුන්ට දරුවන් ඇකයට බරක්. ඒ වුනාට දරුවන් විසි කරන්නේ නෑනේ. බරක් කිව්ව පලියට ඒක ගනන් ගන්න නරකයි මේක විසි කළ යුතුයි කියලා එතුමා අදහස් කළා කියලා. උපාධිධාරීන්ගේ ගරුත්වය ඇති කරලා තිබෙන්නේ අපේ ආණ්ඩුව. ඔවුන්ට උපාධිධාරීන් ලෙස පුහුණුවක් දුන්නා අවුරුද්දක්.

දැන් ඔවුන් ස්ථාපනය කරන්න යනවා. එයින් 60%ට වැඩි ප්‍රමාණයක් ස්ථාපනය වෙන්න යන්නේ ගුරු සේවයේ. ඒක ගරුත්වට ලබා දීමක් නොවෙයිද කියලා මම අහනවා. ගරුත්වය කියන්නේ රාජ්‍ය සේවයේ අනිත් අයට තිබෙන්නා වූ හිමිකම් ඔවුන්ටත් ලැබීම. මම හිතන්නේ ඒ සියල්ලට අදාල පදනම හදලා තිබෙනවා. නමුත් මේ විශමතාවයන් ගැන අපි වැටුප් ව්‍යූහයක් හදන්න ඔ්නී කියලා අපි කතා කරගෙන තිබෙනවා.

නමුත් මේ කොරෝනා වසංගතය ඇවිත් අපිය වසා ගත්තම අපිට සාමාන්‍ය විදියට වැඩ කරන්න පුලුවන්ද? විශමතා ඉවත් කිරීම ගැන අපි දුන්න එකඟතාවයන්, සෞභාග්‍යයේ තිබෙන ජනතාවට දුන්න නොයෙකුත් පොරොන්දු සියල්ල උස්ස උස්ස පෙන්නුවාට වැඩක් නෑ.

සන්දර්භය ගැනත් මතක තියා ගන්න. අපි බලයට පැමිණි දවසේ ඉදලා කොරොනා.

දැන් ඒ කොරෝනා වලින් ගැලවීමට අපිට ඉඩක් ලබා ගන්නට මේ ආණ්ඩුව ගත්ත පියවර ප්‍රසන්සනීයයි. ඒ අනුව අපේ පොරොන්දු ටිකෙන් ටික ඉටු කරන්න යන්න පුලුවන්. ඒ වගේම ඇතත් තමයි හැමෝම බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. විශේෂයෙන් වැටුප් ලබන සේවකයෝ.

මේ වැටුප් වල වැඩිවීම් ඇතිවිය යුතුව තිබුනා. මූර්ත වැටුප ඒ නිසා අඩු වෙලා තිබෙනවා. මම හිතන්නේ නියමාකාර ලෙස වැටුප් ව්‍යූහය සකස් කරන තුරු යම්කිසි අතුරු දීමනාවක් දීම ගැන සලකා බලන්න ආණ්ඩුවට පුලුවන්. ඒත් රජයේ ආදායම් තත්ත්වයෙත් වර්ධනය වීම සමග. ඉදිරි කාලයේදී බදු ආදායම් නිසියාකාරව ඍජු බදු වලින් වැඩියෙන් අය කර ගනිමින් ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගනිමින් අපිට මේ කළ යුතු අතුරු දීමනා වැනි දේවල් සලකා බලන්න කියලා ඉල්ලනවා. යනුවෙන්ද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?