රාජ්‍ය සේවකයන්ට අතුරු දීමනාවක්

රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යූහය නියමාකාර ලෙස සකස් කරන තෙක් යම්කිසි අතුරු දීමනාවක් රාජ්‍ය සේවකයන්ට ලබා දීම පිළිබඳ සලකා බලන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එය රජයේ ආදායම් තත්ත්වයෙත් වර්ධනය කර ගැනීමත් සමග කළ යුතු බව 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ දෙවන දිනය සඳහා අද (24දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

මේ අතර මුදල් ඇමතිවරයා රාජ්‍ය සේවකයන් රටට බරක් ලෙස සඳහන් කළ බවට විවිධ පාර්ශව සඳහන් කරන බවත් එමගින් රාජ්‍ය සේවකයක් කප්පාදු කළ යුතු බවට ඔහු සඳහන් කළ ලෙස තේරුම් නොගතයුතු බවත් සඳහන් කළ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,

මුදල් ඇමතිවරයා රාජ්‍ය සේවය රටට බරක් කියලා කිව්ව කාරණය මතු කළා.

මව්වරුන්ට දරුවන් ඇකයට බරක්. ඒ වුනාට දරුවන් විසි කරන්නේ නෑනේ. බරක් කිව්ව පලියට ඒක ගනන් ගන්න නරකයි මේක විසි කළ යුතුයි කියලා එතුමා අදහස් කළා කියලා. උපාධිධාරීන්ගේ ගරුත්වය ඇති කරලා තිබෙන්නේ අපේ ආණ්ඩුව. ඔවුන්ට උපාධිධාරීන් ලෙස පුහුණුවක් දුන්නා අවුරුද්දක්.

දැන් ඔවුන් ස්ථාපනය කරන්න යනවා. එයින් 60%ට වැඩි ප්‍රමාණයක් ස්ථාපනය වෙන්න යන්නේ ගුරු සේවයේ. ඒක ගරුත්වට ලබා දීමක් නොවෙයිද කියලා මම අහනවා. ගරුත්වය කියන්නේ රාජ්‍ය සේවයේ අනිත් අයට තිබෙන්නා වූ හිමිකම් ඔවුන්ටත් ලැබීම. මම හිතන්නේ ඒ සියල්ලට අදාල පදනම හදලා තිබෙනවා. නමුත් මේ විශමතාවයන් ගැන අපි වැටුප් ව්‍යූහයක් හදන්න ඔ්නී කියලා අපි කතා කරගෙන තිබෙනවා.

නමුත් මේ කොරෝනා වසංගතය ඇවිත් අපිය වසා ගත්තම අපිට සාමාන්‍ය විදියට වැඩ කරන්න පුලුවන්ද? විශමතා ඉවත් කිරීම ගැන අපි දුන්න එකඟතාවයන්, සෞභාග්‍යයේ තිබෙන ජනතාවට දුන්න නොයෙකුත් පොරොන්දු සියල්ල උස්ස උස්ස පෙන්නුවාට වැඩක් නෑ.

සන්දර්භය ගැනත් මතක තියා ගන්න. අපි බලයට පැමිණි දවසේ ඉදලා කොරොනා.

දැන් ඒ කොරෝනා වලින් ගැලවීමට අපිට ඉඩක් ලබා ගන්නට මේ ආණ්ඩුව ගත්ත පියවර ප්‍රසන්සනීයයි. ඒ අනුව අපේ පොරොන්දු ටිකෙන් ටික ඉටු කරන්න යන්න පුලුවන්. ඒ වගේම ඇතත් තමයි හැමෝම බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. විශේෂයෙන් වැටුප් ලබන සේවකයෝ.

මේ වැටුප් වල වැඩිවීම් ඇතිවිය යුතුව තිබුනා. මූර්ත වැටුප ඒ නිසා අඩු වෙලා තිබෙනවා. මම හිතන්නේ නියමාකාර ලෙස වැටුප් ව්‍යූහය සකස් කරන තුරු යම්කිසි අතුරු දීමනාවක් දීම ගැන සලකා බලන්න ආණ්ඩුවට පුලුවන්. ඒත් රජයේ ආදායම් තත්ත්වයෙත් වර්ධනය වීම සමග. ඉදිරි කාලයේදී බදු ආදායම් නිසියාකාරව ඍජු බදු වලින් වැඩියෙන් අය කර ගනිමින් ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගනිමින් අපිට මේ කළ යුතු අතුරු දීමනා වැනි දේවල් සලකා බලන්න කියලා ඉල්ලනවා. යනුවෙන්ද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29