රාජ්‍ය ඇමැතිගේ ‌ගෙදර ඉදිරිපිට ගිනි මැල දල්වා විරෝධතාවක්

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් වැලි ටිපර්රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ඊයේ (21) රාත්‍රියේදී එම නිවෙස ඉදිරිපට උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.

ඒ මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශයේ් ජනතාව එම නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වීම හේතුවෙනි.

මෙහිදී ජනතාව ගිනි මැල දල්වා සිය විරෝධය පළ කිරීමටද පියවර ගෙන තිබිණ.

මීට දින කිහිපයකට පෙර පොලිස් නිලධාරියා සහ ටිපර්රථ රියදුරු සමඟ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර, අද දිනයේ දී අදාළ ටිපර්රථ රියදුරු ත්‍රීරෝද රථයකින් ගමන්කරමින් සිටිය දී පොලිස් නිලධාරියා විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?