Empty Ad
AFC Banner
Empty Ad

රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායකට එරෙහිව TNA නඩු මගට

මුලතිව්, කුරුන්තූර්මලෙයි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එමෙන් ම, එම භූමිය සම්බන්ධයෙන් මේ වන විටත් නිකුත් කර ඇති අධිකරණ නියෝගයකට අපහාස වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට චෝදනා නගමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හා තවත් පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ඔවුන්ට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු කිරීමට ද නියමිතය.

මෙම නඩු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටීමට නියමිතය.

කුරුන්තූර්මලෙයි පූජා භූමියේ තිබුණු හින්දු ආගමික සලකුණ විනාශ කර දැමීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන තුරෙයිරාසා රවිහරන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්නරාසා ලෝගේෂ්වරන් යන මහත්වරු සුමන්තිරන් මහතා හමුවී සාකච්ඡා කළහ.

පසුව එම ප්‍රදේශය හා භූමිය සම්බන්ධයෙන් වන තොරතුරු හා ලේඛන සුමන්තිරන් මහතා වෙත භාරදීමට ඔවුන් කටයුතු කර තිබිණි.

කුරුන්තූර්මලෙයි ප්‍රදේශයේ හින්දු ආගමික බැතිමතුන් විසින් පුද පූජා පැවැත්වූ ස්ථානයක් බව ද එම ස්ථානයේ ත්‍රිශූල ඇතුළු සලකුණු විනාශ කර ඇති බව ද සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීධරන් හා චාලස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන් දැනටමත් මුලතිව් පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ සඳහන් කරන්නේ, මෙම ස්ථානය සම්බන්ධයෙන් දැනටමත් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් ඇති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එම නියෝගයට පටහැනිව කටයුතු කර ඇති බැවින් ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?