AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ආයතන සඳහා සේවකයින් ගෙන්වා ගත යුතු ආකාරයේ වෙනසක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ(20) දිනයේදී නිකුත් කරන ලද සංචරණ සීමා ලිහිල් කිරීමේ මාර්ගෝපදේශ පිළිබඳව මාධ්‍ය නිවේදනයට අදාළ වගුවේ බස්නාහිර පළාත තුළ පිහිටි රාජ්‍ය සේවකයින් කැඳවීම සම්බන්ධයෙන් සංශෝධනයක් සිදුකර තිබේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානියාට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් සේවයට ගෙන්වා ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහා සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු හෝ සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක් සතියක් තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණි. එයද එම නිලධාරියාට හෝ සේවකයාට අයත් රාජකාරිය සිය නිවසේ සිට සිදු කිරීමට නොහැකි අවස්ථාවන්හිදී පමණයි.

පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකයින් සඳහා සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව නිවසේ සිට කාර්යාලය වෙත අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතුයි.

පෞද්ගලික අංශයේ කාර්යාල අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමඟ කටයුතු කළ යුතුය.එහෙත් හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට උනන්දු කළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41

?