රාජ්‍ය ආයතන සඳහා සේවකයින් ගෙන්වා ගත යුතු ආකාරයේ වෙනසක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ(20) දිනයේදී නිකුත් කරන ලද සංචරණ සීමා ලිහිල් කිරීමේ මාර්ගෝපදේශ පිළිබඳව මාධ්‍ය නිවේදනයට අදාළ වගුවේ බස්නාහිර පළාත තුළ පිහිටි රාජ්‍ය සේවකයින් කැඳවීම සම්බන්ධයෙන් සංශෝධනයක් සිදුකර තිබේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානියාට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් සේවයට ගෙන්වා ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහා සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු හෝ සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක් සතියක් තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණි. එයද එම නිලධාරියාට හෝ සේවකයාට අයත් රාජකාරිය සිය නිවසේ සිට සිදු කිරීමට නොහැකි අවස්ථාවන්හිදී පමණයි.

පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකයින් සඳහා සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව නිවසේ සිට කාර්යාලය වෙත අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතුයි.

පෞද්ගලික අංශයේ කාර්යාල අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමඟ කටයුතු කළ යුතුය.එහෙත් හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට උනන්දු කළ යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27