රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සහෝදරයෙක් අල්ලස් කේස් එකකට අත්අඩංගුවට

වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ සහෝදරයා සහ ලේකම්වරයා මුදල් අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇත්තේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීම සඳහා යි.

ඒ අනුව මඩකලපුව ජයමිණි වැවේ රොන්මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සාරණය කර පැමිණිලිකරුගේ සමාගම නමින් වැලි කැණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සඳහා සැකකරු රාජ්‍ය ඇමතිගේ ලේකම් විසින් රුපියල් ලක්ෂ 15ක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම් ඔහුගේ මඩකලපුව දේශපාලන කාර්යාලයේදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව ලංකා බැංකු නගර ශාඛාව ඉදිරිපිට දී මුදල් ලබාගනිමින් සිටියදීයි.

මෙම පැමිණිල්ල කළ ව්‍යාපාරිකයා පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බව ද වාර්තා වනවා.

මීට පෙර ද රාජ්‍ය ඇමති වියලේන්ද්‍රන්ගේ තවත් සහෝදරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?