AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීමට යෝජනා කෙරේ

රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30000ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අංශය සඳහා එම බඳවා ගැනීම් සියල්ලම දේශපාලනඥයින්ගේ ආධාරකරුවන්ගෙන් පුරවා ගැනීමේ අතීත පුරුද්ද නතර කරන බවයි ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

රජයේ දැක්මට අනුකූලව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම්, උසස්වීම් සහ ස්ථාන මාරුවීම් දේශපාලන බලපෑම්වලින් තොර සුදුසුකම් සහ කුසලතා මත පදනම් ව කටයුතු කිරීමට යෝජනා කර තිබෙනවා.

රැකියා විරහිත උපාධිධාරි හා තරුණ පිරිසක් බිහි වී සිටින බැවින් රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30000ක් බඳවා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත් ඒ වෙනුවෙන් මෙම වසරේ දී රුපියල් මිලියන 10000ක් වෙන් කර ඇති බව ද අයවැයෙන් ඉදිරිපත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?